සුන්දරනිය අරණායක පුරවරය aranayaka town

සුන්දරණිය අරණායක පුරවරය සබරගමුව පළාතේ කැගල්ල දිස්ත්‍රික්කයට අයත් ඉතාම සුන්දරනිය පුරවරය කි.මාවනැල්ලේ් සිට අරණායකට පිවිසෙන ඕනම කෙනෙකුගෙ නෙත් සිත් ඇද බැද තබා ගන්නා දසුනක් තමයි නිසන්සලව ගලා බසින මා ඔය(මහා ඔය).මාවනැල්ලේ ඉපැරණි ගඩොල් පාලම ඔස්සේ අරණායකට පිවිසේන කෙනෙකුට මෙම චමත්කාර පරිසරය සියසින් දැක ගත හැකිය.ඔය දෙපස ඇති කුඹුක් ගස් වල දිවා කාලය ගත කරන මා වවුලන් රොත්ත පිටින් දැක ගත හැකිය. මේ තරමට වවුලන් ගහනයක් මෙහි ලැගුම් ගැනිම පිටු පස ඇති නිහඩ කතාව අරණායක පුරවරයේ ඇති සශ්‍රීකත්වය වේ.

 ග්‍රාම සේවා වසම් 61 හිමිකම් කියන අරණායක පුරවරය පිරිමි පුද්ගලයන් 36194 සහා ගැහැණු කන්තාවන් 39509 වාසය කරන අතර එහි එකතුව 75703 පමණ වේ.සිංහල,දෙමළ.මුස්ලිම්.කතෝලික . පිරිස් සහජීවනයෙන් යුතුව වාසය කරන සුන්දර මිනිසුන් පිරිසකින් හෙබි අරණායක පුරවරය ඉපැරනි ඉතිහාසයකටද හිමි කම් කියන්නේ ය.අරණායක ප්‍රදේශයට සාමය හා විනය මනාව පවත්වා යන අරණායක පොලිසිය ගැවිලිපිටිය තුල පිහිටා ඇත.දිසා රෝහල දිප්පිටිය තුල පිහිටුවා ඇත.විදිමත් පාසල් සමුහයකට හිමි කම් කියන අරණායක පුරවරය ග්‍රී ලංකාවේ පමනක් නොව ජත්‍යන්තර වශයෙන්ද කිර්තියක් ලබා ගත් පුරවරයකි.

වි,තේ,පොල්,රබර් ප්‍රදාන කෘෂි බෝග වන අතර කරාබු ,කුරැදු,පුවක්,කෙසෙල් යන බෝග ද දැක ගත හැකිය.ගොඩ- මඩ ගොවිතැන් ක්‍රම දෙකම දැක ගත හැකිය.ප්‍රධාන වශයෙන් අවුරැද්දකට කන්න දෙකක් වි වගාව සිදු කරණ අතර අරණායක පුරවය තුල පැල නොවන බොගයක් නැති තරම්‍ය මා ඔයෙන් ලැබෙන අස් වැසිල්ල හා සාරවත් භුමිය මෙයට හෙතු සාධක වි ඇත.
 අරණායක නැරඹිමට ඇති ස්ථාන අතර
 *සැලව රජ මහා විහාරය
 *අසුපිනි ඇල්ල
 *දෙවනගල රජ මහා විහාරය
 *බතලේගල
 *වාකිරිගල රජ මහා විහාරය
 *මා ඔය
 *සද රාජ වන අරණ
 *අලපලාවල රක්ෂිතය


 අරණායක මාවනැල්ලේ ප්‍රධාන මාර්ගයේ ගමන් කරන කෙනෙකුට දැක ගත හැකි සුලභ දසුනක් තමයි සංචාරක (hotells) කර්මාන්තයේ දියුණුුව.මෙ දසුන් කියා පාන්නේ මැතකදිම අරණායක පුරවරය සංචාරක කලාපයක් වන ආකාරය.ඉතා සුන්දර පාරිසරික තත්වය සහා බතලේගල ,ඌරාගල,දිවියා ගල,දෙවනගල,බැලුම්ගල,කබර ගල,අම්බුලුවාව,රහල ගල,සැලව ආදි කදු පන්තියන්ගේ මද්‍ය ගතවි අරණායක පිහිටා තිබේ අරණායක ලැගුම් ගන්නා ඕනම පුද්ගලයකු හො කන්ඩායමකට මෙම කදුපන්තින් තරණයට පහසුය .

එපමණක් නෙවෙයි අසුපිනි ඇල්ල නැරඹිමට ලගා විය හැකි පහසුම සහා සුන්දර මාර්ගය වැටි ඇත්තේ අරණායක හරහා විමද වැදගත් කරැණකි.අරණායකට පිවිසෙන ඕනම කෙනෙකුට මා ඔයේ සිසිල් ජලයෙන් සිරැරේ විඩාව නිවා ගැනිමට හැකි වේ. ඉපැරනි අතිතයකට හිමිකම් කියන අරණායක සතුව ලංකාවේ රාවන ඉතිහාසය දක්වාම දිව යන ඉතිහාසයක් ඇත අතිතයේදි රාවන පරපුරේ යකඩ ආයුධ නිම වු ස්ථානය ලෙස සැලකෙන්නේ වර්තමානයේ අසුපිනි ඇල්ල ආරම්භ වන රාස්සාව නැමති ස්ථානය ලෙස සැලකේ.එමෙන්ම ජනප්‍රවාදට අනුව වර්තමානයේ අසුපිනි ඇල්ල නමින් හදුන්වන ඇල්ල රාවනා ඇල්ල ලෙස ද ඇතමෙක් විශ්වාස කරයි.වර්තමානයේ පුවත් මවන ස්ථානයක් ලෙස අසුපිනි ඇල්ල පෙන්වා දිය හැකිය.

වලගම්බා රජු යුද්ධය පරාජය විමේන් පසුව සැගවි සේනා සංවිධානය කල ස්ථානයක් වන සැලව රජමහා විහාරය අරණායක පුරවරයේ පිහිටා ඇත. ඉතිහාස ගත සිද්දින් පමනක් නොව ජිවයේ සාදක විදහා දැක්වෙන
 *සද රාජ වන රක්ෂිතය
 *අලපලාවල රක්ෂිතය
වැනි සංවේදී ජෙව විවිධත්වයේන් අනුන රක්ෂිත රැසක් පිහිටා ඇත.කොබෙයියන් ,වැලි මුවා,හදුන් දිවියා, වැනි වාදවිමේ තර්ජනයට ලක්ව සිටින සතුන් සහ.තිත් මුවා,මොණරු ,මුගටියා,වල් ඌරා, නරියා ,උරැලැවා,රිලවා,වදුරා, දඩු ලේනා,සහා තවත් සතුන් රැසක ගහනය මෙම රක්ෂිතය තුල දැක ගත හැකිය. සද රාජ වන අරණ ප්‍රසිද්ධ වන්නේ ලංකාවේ වෙසෙන සර්පයන් දැක ගත හැකි ස්ථානයක් ලෙසින් ය. ,තිත් පොලගා,ඇහැටුල්ලා,මෆ්ල් කරවලයා,මුදු කරවලයා. වැනි සර්පයන් ප්‍රදාන වශයෙන් දැක ගත හැකිය.


                                            සුන්දර අරණායක පුරවරය.

No comments:

Post a Comment

Thank you